ගුවන් හමුදා පාපැදි සවාරිය - 2026, අනුශූරතාවය යුද්ධ හමුදාවට

27 වන ගුවන් හමුදා පාපැදි සවාරිය - 2026 පුත්තලම ප්‍රදේශයෙන් ආරම්භ වී දින තුනක් පුරා අදියර තුනක් යටතේ පවත්වා 2026 මාර්තු මස 01 වන දින අකුරේගොඩ, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය අසලදී අවසන් විය.

2026 පෙබරවාරි මස 27 වන දින ආරම්භ වූ පිරිමි තරඟය, දේශීය හා ජාත්‍යන්තර පාපැදිකරුවන් ඇතුළුව 150 කට අධික පාපැදි කරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

තරඟය අතරතුර, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් ඒ.ඩී.එස්. පෙරේරා සමස්ත දෙවන ස්ථානය හිමිකර ගත් අතර, ඒ සඳහා ගතවූ මුළු කාලය 8:56:15 කි.

පිරිමි ඉසව්වේ සමස්ත කණ්ඩායම් ශූරතාවය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම විසින් දිනා ගන්නා ලද අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම අනුශූරතාවය දිනා ගන්නා ලදී.

(ඡායාරූප අනුග්‍රහය: www.airforce.lk)