උණුසුම් පුවත්

ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.අයි පතිරත්න (විශ්‍රාමික) ගේ දේහය වෙත ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී.ඒ ජයසේකර (විශ්‍රාමික) WWV RSP VSV USP ndc psc සමඟින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 මාර්තු මස 31 දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිය අවසන් ගෞරව දැක්වූහ.


යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත රණසේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් කුරුණෑගල ප්‍රදේශයේ රණක්‍ෂිතයට පත් යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් 2025 මාර්තු මස 28 දින පන්ගොල්ල, අභිමංසල - 3 සුවතා නිකේතනයේ දී අදියර III යටතේ වෛද්‍ය කඳවුරක් සංවිධානය කරන ලදී.


කොළඹ 07 ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් බහුවිධ පහසුකම් සංකීර්ණයේ දී පැවති විශේෂ ‘ඉෆ්තාර්’ චාරිත්‍රය පැවැත් වීමේ වැඩසටහනට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 මාර්තු මස 26 දින සහභාගි විය. මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ සංස්කෘතික සහයෝගීතාවය ශක්තිමත් කරමින් ශුද්ධ වූ රාමසාන් මාසය තුළ ඉෆ්තාර් චාරිත්‍රය පැවැත්වීමේ සාම්ප්‍රදායික අවස්ථාව සනිටුහන් කරන ලදී.


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අණදෙන නිලධාරි තනතුරේ රාජකාරි භාර ගැනීමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරින් පුහුණු කිරීම සඳහා පවත්වනු ලබන ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 13 හි ශිෂ්‍ය නිලධාරින් 2025 මාර්තු මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.


වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩී.පී වෙලගෙදර RSP USP psc IG සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 මාර්තු මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 මාර්තු මස 21 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත යුද්ධ හමුදා ආයතනයන්හි සහ එම මූලස්ථානය මගින් සිදුකරනු ලබන මෙහෙයුම් හා යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමේ අරමුණින් නිල සංචාරක නිරත විය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන ලෙස ධූරයේ කටයුතු කරනු ලබන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc වෙත ගෞරවාචාර දැක්වීමේ උත්සවයක් 2025 මාර්තු මස 21 දින සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුද්ධ හමුදා මූලධර්ම ප්‍රකාශන සහිත ග්‍රන්ථයන් 2025 මාර්තු මස 20 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී එළිදැක්වීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.


යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 මාර්තු මස 18 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර නිල සංචාරයක නිරතවිය.


ලොව පුරා සිටින විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ජවන හා පිටිය ඉසව් රැසකින් සමන්විත ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරඟාවලිය 2025 මාර්තු මස 12 දින ඉන්දියාවේ, නවදිල්ලි නුවරදී පැවැත්විණි.