විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc, 2026 ජනවාරි මස 13 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.
1990 සැප්තැම්බර් මස 07 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක පීඑම්ඒ 01 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc, පාකිස්ථානු යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1992 දෙසැම්බර් මස 21 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත අනුයුක්ත කෙරිණි.
යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 අගෝස්තු මස 19 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2026 ජනවාරි මස 19 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක යන තනතුර හෙබවීය.
විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 5 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිලධාරි, 5 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ විධායක අධිකාරි, 8 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ බුද්ධි නිලධාරි, ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III, 8 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ විධායක අධිකාරි, අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් කේ ජේ සී පෙරේරා (විශ්‍රාමික) RWP RSP VSV USP rcds psc ගේ අධි සහායක, 8 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ විධායක අධිකාරි, 8 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ 81 ක්ෂේත්‍ර බලඝණයේ නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි III (පාලන), ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ක්‍රියාන්විත/පුහුණු) වැනි ධූරයන් රැසක් හොබවන ලදී.
එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 511 පාබල බලසේනාවේ බලසේනා මේජර්, යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි I, යුද්ධ හමුදා මූලස්ථානයේ යුධ සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 1 (විමර්ශන අංශය), 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වැනි ධූරයන් ද හොබවන ලදී.
එසේම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ ඒකබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුමේ මූලස්ථානයේ U 9 හි නියෝජ්‍ය ප්‍රධානී සහ ප්‍රධානී, 5 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත), ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත), 22 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් පුහුණු (විදේශ), යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදාධිපතිතුමන්ගේ යුද සේවා සහකාර, 213 පාබල බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා මූලස්ථානයේ විදේශීය මෙහෙයුම් අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ජනමාධ්‍ය සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම්, ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වැනි ධූරයන් ද හොබවන ලදී.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළදී ඛණ්ඩභාර නිලධාරින්ගේ උපක්‍රමික පාඨමාලාව, නිලධාරි විශිෂ්ටතා පාඨමාලාව, ඒකක ගිණුම් නිලධාරි පාඨමාලාව, ඒකක පරිපාලන පාඨමාලාව, යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව, ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව වැනි දේශීය පාඨමාලාවන්රැසක් ද හදාරන ලදී.
එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ඉංජිනේරු නිලධාරින්ගේ සංග්‍රාමික ඉංජිනේරු උපදේශක පාඨමාලාව - ඉන්දියාව, යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව - චීනය, බිම් බෝම්බ පිළිබඳ ඉංජිනේරු පාඨමාලාව - චීනය වැනි විදේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.
විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන් ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් සහ චීන මහජන විමුක්ති හමුදාවේ ඉංජිනේරු විද්‍යාපීඨයෙන් බිම් බෝම්බ පිළිබඳ ඉංජිනේරු පාඨමාලා ඩිප්ලෝමාවක් හිමිකරගෙන ඇත.