30th May 2025
කොළඹ, ආරක්‍ෂක සේවා විද්‍යාලීය ශිෂ්‍ය නායක දින උත්සවය 2025 මැයි මස 29 දින පැවති අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
කොළඹ, ආරක්‍ෂක සේවා විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාව සඳහා සහභාගි වූ යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා විද්‍යාලයේ අධ්‍යක්‍ෂ, විදුහල්පති, කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ සිසු සිසුවියන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
උත්සවය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් පිළිබඳ විශේෂ වාර්තාමය වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් දේශනයක් පවත්වන ලදී. එම දේශනයේදී සිසු සිසුවියන්ට ඔවුන්ගේ බලාපොරොත්තු සාර්ථක කරගැනීම සඳහා නිවැරදි මඟපෙන්වීමක් ලබාදුන් අතර නායකත්වයේ වැදගත්කම සහ නායකත්වයේ ගුණාංග පිළිබඳව ද දැනුවත් කෙරිණි.
ඉන් අනතුරුව, එම පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් පවත්වන ලද නායකත්ව වැඩමුළුව සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සහතිකපත් ප්‍රදානය කළ අතර, වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ විදුහල්පතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.