1 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ 75 වන සංවත්සර ඉතිහාස ග්‍රන්ථයේ තුන්වන වෙළුම එළිදැක්වීමේ උත්සවය 2025 මැයි මස 21 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ජාතියේ ආරක්ෂකයා
1 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ 75 වන සංවත්සර ඉතිහාස ග්‍රන්ථයේ තුන්වන වෙළුම එළිදැක්වීමේ උත්සවය 2025 මැයි මස 21 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක්, 2025 මැයි මස 13 දින සිට 14 දින දක්වා ජර්මනියේ බර්ලින් නුවර පැවති 2025 එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වූහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ මූලිකත්වයෙන් 2025 මැයි මස 12 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2025 මැයි මස 13 සිට 15 දින දක්වා හවායි, හොනොලුලු හිදී පැවති ‘Land Forces Pacific Symposium & Exposition 2025’ හි සම්භාවනීය ආරාධිත අමුත්තෙකු වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය. එක්සත් ජනපද යුද්ධ හමුදා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන තුළින් ඉන්දු - පැසිෆික් කලාපය තුළ හමුදාවන්ගේ කාර්යභාරය මෙන්ම සාමය හා ගැටුම් කාලපරිච්ඡේදයන් වලදී ඒකාබද්ධව ලබාදෙනු ලබන දායකත්වය ඉස්මතු කර පෙන්වනු ලබයි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 මැයි මස 20 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් වෙත නිල ලාංඡන පැළඳවීම සිදුකරන ලදී. එම අවස්ථාව සඳහා උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගි වූහ.
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc 2025 මැයි මස 20 දින කොළඹ, යුද්ධ හමුදා රෝහලේ සංචාරයක නිරතවිය.
රණවිරු සේවා අධිකාරිය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, සුව සහන නිකේතනයන්හි නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ වෛද්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වාහන පහක් නිල වශයෙන් භාර දෙනු ලැබීය.
16 වන ජාතික රණවිරු දිනයට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනාවන්හි නිලධාරින් 134 දෙනෙකු වෙත නිල උසස්වීම් ලබාදීමට කටයුතු කරන ලදී. එසේම, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් යුද්ධ හමුදාවේ සෙසුනිලයන් 10,093 දෙනෙකු වෙතද උසස්වීම් ලබාදෙන ලදී.
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහසභා රැස්වීම සහ සම්මේලනය මැයි මස 19 දින කොළඹ, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හෝටල් පරිශ්‍රයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය සමඟින් එක්ව සංවිධානය කරන ලද 17 වන බුද්ධ රශ්මි වෙසක් කලාපයේ සම්මාන ප්‍රදානෝත්සවය 2025 මැයි මස 16 දින සවස සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.