නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන 6 කාරක රෙජිමේන්තුව සහ 7 රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායන්හි නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc 2025 මැයි මස 26 සහ 27 යන දිනයන්හිදී 6 කාරක රෙජිමේන්තුව සහ 7 රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායන්හි නිල සංචාරයක නිරත විය.

ඒකක පරිශ්‍රයන් වෙත පැමිණි බලකාධිපති එම ඒකකයන් හි අණදෙන නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර ගෞරවාචාරය පිරිනැමූහ.

මෙම සංචාරයන්හිදී බලකාධිපති විසින් එම ඒකකයන්හිදී සියලු නිලයන් ආමන්ත්‍රණය කරමින් විනය, වෘත්තීයභාවය සහ මෙහෙයුම් සූදානම සාර්ථක හමුදාවක මූලිකාංග බව පෙන්වාදීමෙන් අනතුරුව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳවත් සඳහන් කරමින් සෑම යුද්ධ හමුදා සාමාජිකයෙකුම මෙම ජාතික වැඩසටහනට දායකත්වය ලබාදිය යුතු බව අවධාරණය කළේය.