උණුසුම් පුවත්

මාතලේ විජය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් සහ සිසු සිසුවියන් විසින් එම විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc වෙත උපහාර දැක්වීමේ උත්සවයක් 2025 මාර්තු මස 06 දින පවත්වන ලදී.


යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, පසුගියදා තම යුද්ධ හමුදා පුහුණු කාලයේදී පුහුණුව ලබාදුන් උපදේශකයින් පිරිසක් සමඟින් සුහද හමුවක් පැවැත්වූ අතර, එහිදී එතුමන් තම යුද්ධ හමුදා දිවිය හැඩගැස්වීමේදී ඔවුන් සිදුකළ සුවිශේෂී කාර්යභාරය සිහිපත් කළේය.


වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලැබූ මේජර් ජෙනරල් පී. විතානගේ සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 මාර්තු මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණකර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඒ.කේ රාජපක්‍ෂ RSP සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 මාර්තු මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


ඉංජිනේරු සේවා බලකාය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘75 වසරක අභිමානය’ සඟරාවේ පළමු පිටපත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG වෙත ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc සහ එම බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන්.ඩි.ඩබ්.පී.එස්.එම් පෙරේරා විසින් 2025 මාර්තු මස 06 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී පිරිනමන ලදී.


ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ මෙහෙයුම් කාර්යක්‍ෂමතාව සහ පරිපාලන විශිෂ්ඨත්වය සහතික කිරීම සඳහා වන කැපවීම තහවුරු කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG මහනුවර ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කඳවුරු කිහිපයක සංචාරයක නිරතවිය.


සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිත පිරිසක් 2025 මාර්තු මස 5 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


දකුණු ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලිය - 2025, පකිස්ථානයේ ඉස්ලාමාබාද් හිදී 2025 පෙබරවාරි මස 23 දින පැවැත්විණි.


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලැබූ ‘ගුවන් හමුදා පාපැදි සවාරිය 2025’ අඛණ්ඩව 26 වන වරටත් 2025 පෙබරවාරි මස 28 දින සිට මාර්තු මස 02 දින දක්වා පවත්වනු ලැබීය. අදියර තුනකින් යුත් මෙම තරඟය වීරවිල සිට රත්නපුර, මහනුවර, කුරුණෑගල සහ කටුනායක හරහා ගාලු මුවදොර දක්වා කිලෝමීටර 408 ක දුර ප්‍රමාණයක් ආවරණය කළ අතර, ඒ සඳහා විදේශීය තරඟකරුවන් ඇතුළු පාපැදි තරඟකරුවන් 166 දෙනෙකු සහභාගි වූහ.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුළුඅවි සංගමය‍ සහ දියතලාව, ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල එක්ව සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලිය - 2025, මාර්තු මස 02 දින අවසන් විය.