ජර්මනියේ බර්ලින් නුවර 2025 මැයි මස 13 දින සිට 14 දින දක්වා පැවති එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වූහ.
ජාතියේ ආරක්ෂකයා
ජර්මනියේ බර්ලින් නුවර 2025 මැයි මස 13 දින සිට 14 දින දක්වා පැවති එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද 13 වන ආරක්‍ෂක සේවා පාපන්දු තරඟාවලියේ අවසන් තරඟය 2025 අප්‍රේල් මස 11 දින වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
දැනට නිල විදේශ සංචාරයක නිරතව සිටින යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc සමඟින් ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය එක්ව 2025 මැයි මස 12 දින සවස යුද්ධ හමුදා මූලස්ථාන වෙසක් කලාපය උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
කැපිටල් මහරාජා සමූහය විසින් සංවිධානය කරන ලද ‘සිරසා නමාමි’ වෙසක් කලාපය කොළඹ 2, ඩෝසන් වීදියේ පිහිටි සිරස මාධ්‍ය ප්‍රචාරන සංකීර්ණයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc ගේ ප්‍රධානත්වයෙන් 2025 මැයි මස 13 දින පවත්වන ලදී. පහන් කූඩු ගණනාවකින් සමන්විත වූ මෙම වෙසක් කලාපය වෙත බැතිමතුන් විශාල සංඛ්‍යාවකගේ ආකර්ෂණය හිමි විය.
මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc ගේ ප්‍රධානත්වයෙන් පළමු යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකක සම්බන්ධීකරණ සාකච්ඡාව 2025 මැයි මස 06 දින මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 අප්‍රේල් මස 30 දින කොළඹ, යුද්ධ හමුදා රෝහලේදී එම කාර්ය මණ්ඩලය ආමන්ත්‍රණය කරන ලදී.
කොළඹ, විශාඛා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 මැයි මස 02 දින බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට විශේෂ අමුත්තන් ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා WWV, RWP and two bars, RSP and bar, USP, MMSc (Strat Stu-China), MSc (Def Stu) in Mgt, MSc (Def & Strat Stu), fndu (China), psc සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි වූහ.
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල RWP RSP ndc psc 2025 මැයි 09 දින මින්නේරිය යුද්ධ හමුදා මූලික රෝහලේ පාලන සංචාරයක නිරත වූ අතර එහිදී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැරණි මූලස්ථාන ගොඩනැගිල්ල මෙන්ම වර්තමාන බාහිර රෝගී අංශය, වාට්ටු සහ PULHEEMS අංශය ද නිරීක්‍ෂණය කරන ලදී.
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ලායා හෝටල් සමූහයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc 2025 මැයි මස 10 දින කල්කුඩා හි පිහිටි ලායා වේව්ස් හෝටල් සංකීර්ණයේ නිරික්‍ෂණ සංචාරයක නිරත විය. මෙම සංචාරයේදී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් වැඩිපුර සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා රට පුරා ලායා හෝටල් සන්නාමය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනාගෙන ඒ පිළිබඳව සාකච්ඡා කරන ලදී.