641 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

641 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 50 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 13 දින නාරංගමුව ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් යූ.ආර්.අයි.බී රණතුංග RSP USP සහභාගි විය.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා ‘බෞද්ධ සිංහල ගම්මාන භාරය’ සංවිධානයේ මූල්‍ය අනුග්‍රාහකත්වය හිමිවිය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, නාරංගමුව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති, පාසල් සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගි වූහ.