77 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් 51 පාබල සේනාංකය වෙතින් පරිත්‍යාග වැඩසටහනක්

77 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 04 දින ශාන්ත තෙරේසා වැඩිහිටි නිවාස පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

වැඩසටහන නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ද එම අවස්ථාවට සහභාගි විය.

මෙම වැඩසටහනට සමගාමීව, එම වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූ අතර, වැඩිහිටි නිවාසයේ භාවිතය සඳහා සනීපාරක්‍ෂක ද්‍රව්‍ය පරිත්‍යාගයක් ද සිදුකරන ලදී. මෙම වැඩසටහනේ දෙවන අදියර ලෙස, කෝපායි ප්‍රදේශයේ ළමුන් 150 දෙනෙකු වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී.