ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායෙන් පිරිසිදු කිරීමේ වැඩසටහනක්

212 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 15 දින අවුකන පුරාණ විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව, මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නිගේ මඟපෙන්වීම යටතේ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත පවත්වන ලදී.