144 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පිරිසිදු කිරීමේ වැඩසටහනක්

රජය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ තවත් අදියරක් ලෙස යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 144 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් 2025 පෙබරවාරි මස 15 දින පොල්දූව මාර්ගය, පාර්ලිමේන්තු මාර්ගය, ශ්‍රී ලංකා-ජපන් මිත්‍රත්ව මාර්ගය, තුරුමිතුරු ව්‍යාපෘති ප්‍රදේශය සහ දියවන්නා වැව යන ප්‍රදේශයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

සමාරම්භක උත්සවය සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය චතුර අබේසිංහ මැතිතුමන් සහ පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා සහභාගි වූහ. එමෙන්ම, යුද්ධ, නාවික හා ගුවන් හමුදා සාමාජිකයන්, පොලිස්, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් සහ සිවිල් ආරක්‍ෂක බලකායේ භටපිරිස් මෙන්ම රාජ්‍ය දෙපාර්තමේන්තු, සංවිධාන සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරින් පිරිසක්ද වැඩසටහන සඳහා සිය දායකත්වය ලබාදුන්හ.