15 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් ත්‍රිකුණාමලයේදී වෛද්‍ය කඳවුරක්

15 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය සමඟ එක්ව ත්‍රිකුණාමලයේ තිස්සපුර අග්බෝ රජමහා විහාරස්ථානයේදී වෛද්‍ය කඳවුරක් 2025 මැයි මස 27 දින පවත්වන ලදී. මෙම වැඩසටහන මගින් සිවිල් වැසියන් 200 කට අධික පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර හිමි විය.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම යටතේ සහ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ පවත්වන ලදී.

මෙම අවස්ථාවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසු නිලයන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහභාගි වූහ.