54 පාබල සේනාංකයෙන් සුනඛයන් එන්නත් කිරීමේ සහ වන්ධ්‍යකරණ කිරීමේ වැඩසටහනක්

54 පාබල සේනාංකය විසින් Bridging Lanka and the veterinary partner ‘Vets for Future’ යන සංවිධාන සමඟින් එක්ව 2025 මස මාර්තු 24 දින සිට අප්‍රේල් මස 6 දින දක්වා සුනඛයන් එන්නත් කිරීමේ සහ වන්ධ්‍යකරණ වැඩසටහනක් පවත්වන ලදී.

හිමිකරුවන් නොමැති සුනඛයන්ගේ ගහනය පාලනය කිරීම සහ රෝග පැතිරීම වැළැක්වීමේ අරමුණින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc ගේ උපදෙස් මත 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන සිදුකරන ලදී.