4 බලඇණිය ගැමුණු හේවා බලකාය විසින් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරයි

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩසටහනට සමඟාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ සිවිල් ජනතාවගේ යහපැවැත්මට ප්‍රමුඛත්වයක් ලබාදීමේ අරමුණින් 232 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 4 බලඇණිය ගැමුණු හේවා බලකාය විසින් 2025 අප්‍රේල් මස 5 දින උන්නච්චිවිය ප්‍රදේශයේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම ප්‍රදේශයේ පිහිටි රෝහල්වල රුධිර සංචිත ප්‍රමාණය ඉහල නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම සහ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන පවත්වනු ලැබීය.