29th May 2025
කුණ්ඩසාලේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ජාතික පාසලේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව 2025 මැයි මස 23 දින පැවති එම විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG සහභාගි විය.
මෙම උත්සවය අතරතුරදී, එම සේනාංකයේ සේනාංකාධිපති විසින් ශිෂ්‍ය නායකයින් හතළිස් පස් දෙනෙකු වෙත නිල ලාංඡන පැළඳවීය. ඉන් අනතුරුව, දේශනයක් සිදුකළ එම ජ්‍යෙෂ්ඨ නිලධාරි ශක්තිමත් නායකත්වය විනය සහ කැපවීම මත පදනම් වන බවත්, එම ගුණාංගයන් ඵලදායී නායකයින් බිහිකිරීම සඳහා අත්‍යවශ්‍ය බවත් අවධාරණය කළේය.