9 බලඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි

9 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 මැයි මස 26 දින එම බලඇණි පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

එම වැඩසටහන අතරතුරදී, 4ever Skin Naturals සමාගමේ මූල්‍ය අනුග්‍රාහක දායකත්වය මත වැලිඔය ප්‍රදේශයේ යුද්ධ හමුදා සහ සිවිල් වැසියන්ගේ ගර්භනී මව්වරුන් 161 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ත්‍යාග සහිත පාර්සල්, සම සහ ළදරු ආරක්‍ෂක නිෂ්පාදන පරිත්‍යාග කරන ලදී. එම පරිත්‍යාගයෙන් පසුව, 4ever Skin Naturals සමාගමේ චාන්දනී බණ්ඩාර මහත්මිය, පදවිය සහ සම්පත්නුවර රෝහල්වල වෛද්‍ය වෘත්තිකයන් සමඟ එක්ව එම අවස්ථාවට සහභාගි වූවන් සඳහා දේශන පවත්වන ලදී.