2nd June 2025
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම සහ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්ෂණය මත 221 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 20 බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් 2025 මැයි මස 26 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
ත්‍රිකුණාමලය, ක්ලස්ටර් ලේ බැංකුවේ සහයෝගය මත ක්‍රියාත්මක කළ මෙම වැඩසටහනේදී ඔවුන්ගේ වෘත්තීමය දායකත්වය මත කාර්යක්ෂමව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබිණි. මෙම වැඩසටහනේදී, රුධිර ඒකක 90 ක් එක්රැස් කිරීමට හැකියාව ලැබුණු අතර, ජාතික රුධිර සංචිතයට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙමින් බොහෝ ජීවිත බේරාගැනීම සඳහා ඒ තුළින් හැකියාව ලැබෙනු ඇත. සමාජ වගකීම සහ සහයෝගීතාවය පිළිබිඹු කරමින් රුධිර පරිත්‍යාග කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් 90 දෙනෙකු සහභාගි වූහ.
ඒ අනුව, 1 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තු සාමාජිකයන් 10 දෙනෙක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ රන්වැලි නෞකාවේ සාමාජිකයන් 15 දෙනෙක් සහ 20 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ සිවිල් සේවක මහත්වරුන් ද ඒ සඳහා සිය දායකත්වය ලබාදුන්හ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් ප්‍රජා සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරමින් දක්වන අඛණ්ඩ කැපවීම සහ ජාතික සෞඛ්‍ය අවශ්‍යතා සඳහා එහි කාර්යභාරය මෙම වැඩසටහන තුළින් මැනවින් පෙන්නුම් කරයි.