17 බලඇණිය ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

51 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම සහ 512 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය මත එම බලසේනාව යටතේ ස්ථාපිත 17 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 ජුනි මස 02 දින යාපනය, අරියාලෙයි, පම්පුගර් ප්‍රදේශයේ ස්ථාපිත සන්මුගන් පෙර පාසල් පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

වෛද්‍ය නදිත් කෞෂල්‍ය සහ ‘CHESENUT’ පදනම වෙතින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන අතරතුරදී, පාසල් සිසු සිසුවියන් 23 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල USP psc සහභාගි විය.