ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් දියතලාව, ‘ෆොක්ස් හිල්’ ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් ප්‍රකාරව දේශීය හා විදේශීය සංචාරකයින් සංචාරයේ යෙදෙන දියතලාව, ‘ෆොක්ස් හිල්’ ප්‍රදේශය ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 මැයි මස 25 දින පවත්වන ලදී.

මෙම පරිසර හිතකාමී වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යමගේ මඟ පෙන්වීම යටතේ ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ සේනාවිධායකගේ අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම රාජකාරයෙහි නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් එක්ව ක්‍රියාත්මක කරන ලදි.