2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක්

කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව සහ ගොතටුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඒකාබද්ධව 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සහභාගිත්වයෙන් 2025 මැයි මස 31 දින කලටුවාවත්ත ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වන ලදී.

මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කිරීම සහ වැළැක්වීමේ පියවර පිළිබඳව ප්‍රජා දැනුවත්භාවය වැඩිදියුණු කිරීම මඟින් ඩෙංගු පැතිරීම අවම කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.