06th April 2025 14:52:47 පැය
233 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් පසුගියදා මහසෙන්පුර ගම්මානයේ ජල සැපයුම් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
03rd April 2025 08:49:10 පැය
54 පාබල සේනාංකය විසින් Bridging Lanka and the veterinary partner ‘Vets for Future’ යන සංවිධාන සමඟින් එක්ව 2025 මස මාර්තු 24 දින සිට අප්‍රේල් මස 6 දින දක්වා සුනඛයන් එන්නත් කිරීමේ සහ වන්ධ්‍යකරණ වැඩසටහනක් පවත්වන ලදී.
03rd April 2025 08:44:51 පැය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 4 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සහ 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අනුරාධපුර දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 26 සිට 30 දින දක්වා ක්‍රියාත්මක කරන ලදී.
02nd April 2025 16:05:25 පැය
54 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2025 මාර්තු මස 30 දින මන්නාරම රදගුරු පදවි මධ්‍යස්ථානයේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි ආහාර සලාක ඇසුරුම් සහ ගැබිනි මව්වරුන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී. සරණ බෞද්ධ පදනමේ සම්බන්ධීකරණයෙන් පවත්වනු ලැබූ මෙම වැඩසටහන සඳහා සී වොන්ග් චී මහතා, එම මහත්මිය සහ විදේශීය පරිත්‍යාගශීලීන් විසින් මූල්‍යමය දායකත්වය ලබාදෙන ලදී..
30th March 2025 12:38:11 පැය
231 පාබල බලසේනාවේ සහ 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හේමාස් (පුද්ගලික) සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව දිඹුලාගල, දළුකාන ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 80 ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 28 දින මහවැලි ප්‍රතිභා ශාලාවේදී පවත්න ලදී.
26th March 2025 10:07:51 පැය
8 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් 2025 මාර්තු මස 23 දින එම ඒකකය යටතේ සේවයේ නියුතු නිවාස අවශ්‍යතා සහිත සිවිල් සේවක මහතෙකු වෙනුවෙන් කුඩාහල්මිල්ලෑව, පූනෑව ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නිවසක් එම නිවාසලාභියා වෙත නිල වශයෙන් පවරාදෙන ලදී.
24th March 2025 08:55:32 පැය
අධික වර්ෂාපතනය හේතුවෙන් සියඹලාණ්ඩුව, කරදණ්ඩාර වැවේ වැව්බැම්ම හානියට පත් වූ අතර මොණරාගල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ 18 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 මාර්තු මස 18 සහ 19 දෙදින තුළ එම වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරන ලදී.
19th March 2025 15:04:02 පැය
නාගොඩ, රාජකීය විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 මාර්තු මස 12 දින එම විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවති අතර, එම අවස්ථාවට විදුහල්පතිවරයාගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc සහභාගි වූයේය.
19th March 2025 14:44:03 පැය
521 පාබල බලසේනාව වෙතින් 2025 මාර්තු මස 15 දින එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පැවැත්වීය.
18th March 2025 21:45:57 පැය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව 543 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.එස්.ඩබ්ලිව්.කේ ගල්හේනගේ RWP RSP USP psc ගේ මඟපෙන්වීම මත එම බලසේනාව හා කොළඹ ශාන්ති ප්‍රජා සජීවිකරණ ආයතනය එක්ව තලෙයිමන්නාරම රජයේ දමිළ මිශ්‍ර පාසලේ සිසු සිසුවියන් වෙත මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ එම පාසලේ සිසු සිසුවියන් 100 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 14 දින පවත්වන ලදී.