Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th March 2025 10:07:51 Hours

8 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහතෙකු වෙනුවෙන් නව නිවසක්

8 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් 2025 මාර්තු මස 23 දින එම ඒකකය යටතේ සේවයේ නියුතු නිවාස අවශ්‍යතා සහිත සිවිල් සේවක මහතෙකු වෙනුවෙන් කුඩාහල්මිල්ලෑව, පූනෑව ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නිවසක් එම නිවාසලාභියා වෙත නිල වශයෙන් පවරාදෙන ලදී.

නව නිවස විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc විසින් නව නිවසේ යතුරු නිවාසලාභියා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත භාරදෙන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා INSEE සිමෙන්ති ලංකා සමාගමේ මූල්‍ය අනුග්‍රාහකත්වය හිමිවිය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.