03rd April 2025 08:49:10 Hours
54 පාබල සේනාංකය විසින් Bridging Lanka and the veterinary partner ‘Vets for Future’ යන සංවිධාන සමඟින් එක්ව 2025 මස මාර්තු 24 දින සිට අප්‍රේල් මස 6 දින දක්වා සුනඛයන් එන්නත් කිරීමේ සහ වන්ධ්‍යකරණ වැඩසටහනක් පවත්වන ලදී.
හිමිකරුවන් නොමැති සුනඛයන්ගේ ගහනය පාලනය කිරීම සහ රෝග පැතිරීම වැළැක්වීමේ අරමුණින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc ගේ උපදෙස් මත 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන සිදුකරන ලදී.