Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th June 2025 18:04:18 Hours

1 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

ලෝලුවාගොඩ ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 1 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉදිකරනු ලැබූ නව නිවසක් 2025 ජුනි මස 10 දින නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc විසින් නිවාසලාභී පවුලේ සාමජිකයන් වෙත නව නිවසේ යතුරු භාරදෙන ලදී.

1 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ගේ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන සඳහා එම ඒකකයේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය සිවිල් පරිත්‍යාගශීලීන්ගේ ද්‍රව්‍යමය සහ මූල්‍යමය අනුග්‍රාහකත්වය හිමිවූහ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, නිවාසලාභීයා සහ එම පවුලේ සාමාජිකයන් ද සහභාගි වූහ.