Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th June 2025 13:30:40 Hours

54 පාබල සේනාංකය වෙතින් ප්‍රජා වෛද්‍ය සායන වැඩසටහනක්

54 පාබල සේනාංකය, අඩම්පන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ එක්ව ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමේ අරමුණින් මන්තායි (බටහිර), වෙල්ලන්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසලේදී 2025 ජුනි 07 වන දින වෛද්‍ය සායනයක් පවත්වන ලදී. එහිදී අවට ගම්මානවලින් පැමිණි පවුල් 125 ක් වෙත වෛද්‍ය උපදේශන, අක්‍ෂි ප්‍රථිකාර, දන්ත ප්‍රතිකාර, මානසික සෞඛ්‍ය හා පෝෂණ උපදෙස් සහ රුධිර පරීක්‍ෂණ ඇතුළු සේවාවන් සපයන ලදී.

මෙම සමාජ සත්කාරක වැඩසටහන 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජේරත්න RWP RSP NPS psc ගේ මඟපෙන්වීම යටතේ 541 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ පවත්වන ලදී.