ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම පොසොන් පොහෝය සමරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP ගේ මඟපෙන්වීම මත පොසොන් පොහෝ දිනයට සමගාමීව එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2025 ජුනි මස 11 දින එම මූලස්ථාන පරිශ්‍රය ඉදිරිපිටදී දන්සලක් පවත්වන ලදී.

තවද, 122 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් බී.ඩී.ටී.ඩී ජයරත්න psc ගේ මඟපෙන්වීම මත එම බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2025 ජුනි මස 09 දින වීරවිල, Original Apparel ඇඟලුම් පරිශ්‍රයේදී මඤ්ඤොක්කා දන්සලක් පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම පොසොන් පොහෝය සමරයි

122 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් මඤ්ඤොක්කා දන්සලක්