කමාන්ඩෝ බලසේනාවේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.වී.අයි.එල් ජයවීර USP ගේ මඟපෙන්වීම මත මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් කමාන්ඩෝ බලසේනාව හා රාගම ශික්‍ෂණ රෝහල් රුධිර බැංකුව සමඟ සහයෝගයෙන් යුතුව 2025 ජුනි මස 11 දින කමාන්ඩෝ බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.