12th June 2025
221 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඊ.ඩබ්ලිව්.ආර්.එස්.බී ඇහැලේපොල USP USACGSC ගේ මඟපෙන්වීම මත එම බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2025 ජුනි මස 10 දින ත්‍රිකුණාමලය, කොටුව ෆ්‍රෙඩ්රික් හි පිහිටි ගෝකන්න රජමහා විහාරස්ථානය ඉදිරිපිටදී කඩල දන්සලක් පැවැත්වීය.
මේ අතර, 20 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පොසොන් පොහෝ දිනයට සමගාමීව 2025 ජුනි මස 08 දින ගිරිහඩු සෑය විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.