ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක වෙත සාරානාත් විද්‍යාලයේදී උපහාර පිරිනමයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක සහ කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර වෙත උපහාර දැක්වීමේ උත්සවයක් එම විද්‍යාලයීය පරිශ්‍රයේදී 2025 මැයි මස 15 දින පැවැත්වීය. එහිදී, එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කැපී පෙනෙන ජයග්‍රහණ සහ ජාතියට කළ සේවය අගයමින් උපහාර දැක්වීය.

උත්සව අවස්ථාවේදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින්, තමන් වෙත ලබාදුන් ඇගයීම වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කළ අතර, තමන් පැමිණි ගමන් මඟ වෙනුවෙන් පාසල ලබාදුන් සහාය පෙන්වා දෙමින් අධ්‍යාපනය තුළින් විශිෂ්ටත්වය කරා යාමට සිසුන් දිරිමත් කළේය.