යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව පොසොන් පොහෝය සමරයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒ.එච්.ඒ.ඩී ආරියසේන RWP RSP USP psc ptsc ගේ මඟපෙන්වීම මත පොසොන් පොහෝ දිනයට සමගාමීව එම රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් 2025 ජුනි මස 10 දින රංගිරි දඹුලු රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී මඤ්ඤොක්කා දන්සලක් පවත්වන ලදී.

එසේම, එම රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් නිර්මාණය කරනු ලැබූ පොසොන් පහන් කූඩු දෙකක් ද විහාරස්ථාන පරිශ්‍රයේ ප්‍රදර්ශනය කරන ලදී.