ධූරයෙන් නික්ම යන 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත එම සේනාංකයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.එන් හේමරත්න RWP RSP psc වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් එම සේනාංක මූලස්ථානයේදී 2025 ජුනි මස 04 දින පවත්වනු ලැබීය.

සේනාංක පරිශ්‍රය වෙත පැමිණි සේනාංකාධිපති වෙත 18 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. පසුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සමූහ ඡායාරූපයකට පෙනී සිට කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී.

අනතුරුව, ධූරයෙන් නික්ම යන සේනාංකාධිපති විසින් එම පාබල සේනාංක මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරි සහ සැරයන් නිවස්න භෝජනාගාරය විවෘත කරන ලදී. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි භටපිරිස් අමතා සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගි විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.