ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර පොසොන් පොහෝය සමරයි

කැන්ඳලන්ද නිලධාරි විවාහක නිවාස සංකීර්ණයේ නේවාසික යුද්ධ හමුදා නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන් විසින් 2025 ජුනි මස 11 දින එම විවාහක නිවාස සංකීර්ණය ඉදිරිපිටදී අයිස්ක්‍රීම් සහ කිරි තේ පැන් දන්සලක් පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරාල් සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රැසක් සහභාගි වූහ.