31st October 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ 76 වන සංවත්සරය 2025 ඔක්තෝබර් මස 30 දින පනාගොඩ ස්ථාපිත එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සැමරීය.
සැමරුම් උත්සවයට සමගාමීව, අන්තර් බලඇණි ක්‍රිකට් සහ වොලිබෝල් තරඟයන් පවත්වන ලද අතර, 2025 ඔක්තෝබර් මස 25 දින පනාගොඩ, ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී රණවිරු සැමරුම් වැඩසටහනක් සහ දානමය පිංකමක් පවත්වන ලදී.
සංවත්සර දිනයේදී, යුද්ධ හමුදා විධායක ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී.
උත්සවය අතරතුරදී, ජ්‍යාතන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් ‘Knighthood’ සම්මානයෙන් පිදුම් ලැබූ මේජර් ආර්.බී.එන් රත්නායක ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ ඉසව්වලදී යුද්ධ හමුදාවට සහ යුද්ධ හමුදා සේවා බලකායට කීර්තියක් ගෙන දුන් එම බලකායේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර දක්වන ලදී.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් කර්නල් සේනාවිධායක විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර, සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිට සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී වන ලදී.
උත්සවයේ කටයුතු අවසන් කරමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වූ අතර, සංවත්සර සැමරුම් උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් සහභාගි වූහ.