නව සේරන්ඩිබ් ලෝක වාර්තාවක් තැබූ ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබල ආර්.ඩබ්ලිව්.වී පියතිස්ස වෙත එම රෙජිමේන්තුවේ උපහාරය

76 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව නව සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටවූ ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබල ආර්.ඩබ්ලිව්.වී පියතිස්ස වෙත උපහාර දැක්වීමේ උත්සවයක් 2025 නොවැම්බර් මස 03 දින ‘ගජබා නිවහනේදී’ පවත්වනු ලැබීය.

උපහාර දැක්වීමේ උත්සවයේදී දෘශ්‍යාබාධිත යුද්ධ හමුදා සාමාජිකයෙකු ලෙස පාබල සෙබල ආර්.ඩබ්ලිව්.වී පියතිස්ස ගේ ධෛර්යය, දරාගැනීම සහ අධිෂ්ඨානය ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc විසින් ප්‍රශංසාවට ලක්කරන ලදී. එහිදී,විශේෂ වීඩියෝ පටයක් මගින් ඔහුගේ එම විශිෂ්ඨ ජයග්‍රහණය ඉදිරිපත් කරනු ලැබීය.

අනතුරුව, රෙජිමේන්තු අධිපති විසින් පාබල සෙබල ආර්.ඩබ්ලිව්.වී පියතිස්ස වෙත වටිනා ත්‍යාග සහ සමරු සිහිවටනයක් ප්‍රදානය කළ අතර, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ද කෘතඥතාව පළ කරමින් සිහිවටන පිරිනමන ලදී.