යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දරුවන් වෙනුවෙන් ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහනක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ සංකල්පයකට අනුව හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධ හමුදාවේ සේවය කරන සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දරුවන්ට ඩිජිටල් ඉගෙනුම් සම්පත් සඳහා ඇති ප්‍රවේශය පුළුල් කරමින් ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු දිරිමත් කිරීම වෙනුවෙන්, සංවිධානය කරන ලද ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ උත්සවයක් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2026 මාර්තු 13 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් RWP RSP ndu psc, යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ RWP RSP USP rcds psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිසුන් 79 දෙනෙකු වෙත සංකේතාත්මකව රු. 212,000.00 ක් බැගින් වටිනා ලැප්ටොප් පරිගණක බෙදා දෙන ලදී.

යුද්ධ හමුදා සුභසාධන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.එම්.සී. රත්නායක RWP RSP USP ndc ගේ මඟ පෙන්වීම යටතේ එම අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මෙම වැඩසටන පවත්වන ලදී. උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ප්‍රතිලාභී සිසුන් සහභාගී වූහ.