16th November 2025
ලෝක දියවැඩියා දිනයට සමගාමීව යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් කොළඹ, යුද්ධ හමුදා මූලික රෝහලේදී දියවැඩියා රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 නොවැම්බර් මස 14 දින පවත්වන ලදී.
ඒ අනුව, යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සඳහා දියවැඩියා රෝගය පිළිබඳව දැනුවත් කර එම රෝගයෙන් වැළකී සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අවධාරණය කරන ලදී.
එහිදී, එම වැඩසටහන සඳහා සහභාගි වූ පිරිස් වෙත දියවැඩියා රෝගය වළක්වා ගැනීම සහ එය පාලනය කරගැනීම සඳහා ඉවහල් වන ප්‍රධාන සෞඛ්‍ය කරුණු කිහිපයක් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට අවස්ථාවක් හිමිවූහ.