12th November 2025
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර RWP RSP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම සහ උපදෙස් මත 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.පී.පී. කුලතිලක ndc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ 7 බලඇණිය ගැමුණු හේවා බලකාය විසින් අඩු ආදායම්ලාභී පවුල් 100ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් සහ ඇඳුම් පැළඳුම් බෙදා දීමේ ප්‍රජා සුබසාධන වැඩසටහනක් සංවිධානය කරන ලදී.
ඒ අනුව 233 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.ජේ.එම්.එන්.එස් පෙරේරා USP ගේ සමීප අධීක්ෂණය සහ 7 බලඇණිය ගැමුණු හේවා බලකාය අණදෙන නිලධාරී මේජර් ආර්.ඩබ්ලිව්.එම්.කේ. රත්නායක USP LLMC ගේ නායකත්වය යටතේ 2025 නොවැම්බර් මස 08 දින කවත්තමුනෙයි හි ඒබීයූ උත්සව ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා මූල්‍ය දායකත්වය රන්ජන් ඇන්ටෝනියෝ මහතා සහ රොටරි සමාජයේ සාමාජිකයන් විසින් ලබාදෙන ලදී.