යුද්ධ හමුදා භටපිරිස් කරෙයිනගර්හි සිසුන්ට පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පවත්වයි

කරෙයිනගර්, ප්‍රදේශයේ තෝරාගත් පාසල් 11 කින් සිසුන් 120 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් යුද්ධ හමුදා භටපිරිස් විසින් කරෙයිනගර් සංස්කෘතික ශාලාවේදී 2026 ජනවාරි මස 04 දින පවත්වන ලදී.

කුරුණෑගල, ශ්‍රී මුරුගන් සමාගමේ අනුග්‍රහක දායකත්වය මත, සෑම සිසුවෙකුටම ඉදිරි පාසල් වර්ෂය වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථක කරගැනීම සඳහා පාසල් බෑගයක් සහ අත්‍යවශ්‍ය පොත්පත් ඇතුළත් පාර්සල් ලබා දෙන ලදී.

මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්. ආර්. රාසික් RSP ndu සහභාගී වූ අතර, ශ්‍රී මුරුගන් සමාගමේ හිමිකරු සුරේෂ් මුරුගන් මහතා, විදුහල්පතිවරුන්, දෙමාපියන්, නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.