යුද්ධ හමුදා භට පිරිස් ලුණුගම්වෙහෙරදී පාසල් උපකරණ බෙදාදෙයි

2026 නව පාසල් වර්ෂය සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් යුද්ධ හමුදා භටපිරිස් විසින් 2026 ජනවාරි මස 03 දින පවත්වන ලදී.

හැටන් නැෂනල් බැංකුවේ මූල්‍ය අනුග්‍රහක දායකත්වය මත මෙම වැඩසටහන අතරතුරදී රුපියල් මිලියන දෙකකට ආසන්න වටිනාකමකින් යුත් පාසල් උපකරණ කට්ටල බෙදා දෙන ලදී.

ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පාසල් පහක සිසුන් 496 දෙනෙකුට හා 122 පාබල බලසේනාවේ සේවය නියතු සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ දරුවන් අතර පාසල් උපකරණ බෙදා දෙන ලදී.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.කේ.එල් අමරසිංහ WWV RWP RSP ndc, හැටන් නැෂනල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මනෝජිත් වීරසූරිය මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.