12th January 2026
අනුරාධපුර, අශෝක කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සහ සියඹලාගස්වැව, පෙර පාසලේ දරුවන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 04 වන දින තන්තිරිමලේ, අශෝක කනිෂ්ඨ විද්‍යාලයේදී සංවිධානය කරන ලදී.
එහිදී, 2026 වසර සඳහා අවශ්‍ය පාසල් පොත්, පාසල් බෑග්, පාවහන්, කෑම පෙට්ටි, වතුර බෝතල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය අධ්‍යාපනික ද්‍රව්‍ය සෑම දරුවෙකු වෙතම බෙදා දුන් අතර, පාසලට සහ පෙර පාසලට අවශ්‍ය පොදු අවශ්‍යතාවයන් ද පරිත්‍යාග කරන ලදී. එමෙන්ම, ළමුන් වෙනුවෙන් ක්‍රීඩා පිටියක් ද, පාසල් පුස්තකාලය ප්‍රතිසංස්කරණය කර ඒ සඳහා අවශ්‍ය පොත් ලබාදීමට ද කටයුතු කරන ලදී.
එම පරිත්‍යාගයන් සඳහා රුපියල් මිලියන 1.5 ක පමණ මූල්‍යමය දායකත්වය කොළඹ නැව් තටාකාංගණ සමාගමෙහි නඩත්තු අංශයේ කාර්ය මණ්ඩලය විසින් ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, කොළඹ නැව් තටාකාංගණ සමාගමෙහි නියෝජිතයින්, විදුහල්පතිතුමන් සහ ගුරු මණ්ඩලය, පෙර පාසල් ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් සහභාගී වූහ.