9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරයි
9th September 2024
බලඇණි පුහුණු පාඨමාලාව 2024 හි සිව්වන අදියර 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් 9 දෙනෙකු සහ සෙසු නිලයන් 231 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2024 ජූලි මස 22 දින ආරම්භකර 2024 සැප්තැම්බර් මස 6 දින සාර්ථකව අවසන් කරන ලදී.
බලඇණි පුහුණු පාඨමාලාවේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහභාගී විය. සමාප්ති දේශනය පැවත්වීමෙන් අනතුරුව, එතුමන් පහත සඳහන් නිලධාරින් සහ සෙසු නිලයන් වෙත සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කරන ලදී.
සෑම අතින්ම අතිශූර සිසුවා - කපිතන් එච්.එම්.එල්.එස්. කරුණාරත්න
දක්‍ෂතම වෙඩික්කරු - බොම්බඩියර් එච්.එම්.අයි.එස් . සෙනෙවිරත්න
හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබලා - තුවක්කු සෙබළ ආර්.ඩී.ඩී. රණසිංහ
දක්‍ෂතම බතරොයිය - 92 බතරොයිය
දක්‍ෂතම පෙළ - මුලස්ථාන බතරොයියේ 1 ඛණ්ඩයේ 1 වන පෙළ