සන්නද්ධ බුද්ධි බළකා සේවා වනිතා ශාඛාවෙන් ශිෂ්‍යත්ව පරිත්‍යාග වැඩසටහනක්

10th September 2024

සන්නද්ධ බුද්ධි බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ප්‍රශාදිනී රණසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ ශිෂ්‍යත්ව සහ පරිත්‍යාග වැඩසටහනක් කරන්දෙණිය එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 සැප්තැම්බර් මස 03 දින පවත්වන ලදී.

මෙම අවස්ථාවෙහිදී එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය විසින් යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ පාසල් වියේ පසුවන දරුවන් 21 දෙනෙකුට අත්‍යවශ්‍ය පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට සන්නද්ධ බුද්ධි බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් ,ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ඇතුළු සේවාවනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ද සහභාගී වූහ.