ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් සේවා වනිතා ශාඛාවෙන් සුභසාධන වැඩසටහනක්

9th September 2024

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වරුණි කුලතුංග මහත්මියගේ මඟපෙන්වීම යටතේ දරුණු රෝගාබාධයකට ලක්ව දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන එම බලකායේ සෙබලෙකුගේ පවුලේ සාමාජිකයන් වෙත අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩංගු වියළි සලාක පාර්සලයක් සහ රුපියල් 50,000.00 මදලක් 2024 සැප්තැම්බර් මස 04 දින පරිත්‍යාග කරන ලදී.

එදින එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය සහ ලේකම්තුමිය දිවුලපිටියේ පිහිටි සෙබළාගේ නිවසේ සුහඳ සංචාරයකද නිරත විය.