‘2024 තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලියේදී’ යුද්ධ හමුදා ක්‍රීඩකයින් දස්කම් දක්වයි
24th September 2024
‘2024 තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලිය’ 2024 සැප්තැම්බර් මස 18 සිට 24 දින දක්වා කාලය තුළ තායිලන්තයේ බැංකොක් නුවරදී රටවල් 15 ක තරඟකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජූඩෝ ක්‍රීඩකයින් මෙම තරඟයේදී රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගනිමින් තරඟාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූහ.
පහත නම් සඳහන් ක්‍රීඩකයින් තරඟාවලියේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූහ:
4 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.ඩබ්ලිව්.පී. ප්‍රේමරත්න - රිදී පදක්කම
4 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.එම්.ඩී.ඒ. හේරත් - රිදී පදක්කම
5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාන්‍ය සෙබළ එම්.ඒ.එම්. මාර්කෝ - රිදී පදක්කම
10 ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබළ ඩී.ජී.සී.එල්. ජයසුන්දර - ලෝකඩ පදක්කම
4 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාන්‍ය සෙබළ කේ.එම්.එස්.එල්.බී. පහත්කුඹුර - ලෝකඩ පදක්කම