before 2024

පසුගිය පුවත්

Select Article Types

75 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව රණවිරු අනුස්මරණ උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස පවත්වයි

2024-10-08

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ අමිල මෙහෙවර සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියසදී සඳුදා (07) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.
තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2024-10-07

වසර 35ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන 1 බලකායේ බලකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 ඔක්තෝබර් මස 07 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවේ කර්නල් ඩී.එම්.බී.පී.බී දිසානායක ආර්එස්පී යූඑස්පී අභාවප්‍රාප්ත වේ

2024-10-07

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවේ කර්නල් ඩී.එම්.බී.පී.බී දිසානායක ආර්එස්පී යූඑස්පී පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 07) දින උදෑසන ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූයේය.
තව කියවන්න

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි විසින් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සහ සංගීත වැඩසටහනක් සංවිධානය කරයි

2024-10-06

2024 ඔක්තොම්බර් 10 දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි විසින් 2024 ඔක්තෝම්බර් මස 3 දින එම මුලස්ථාන ක්‍රීඩා පිටියේදී සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරන ලදී.
තව කියවන්න

2 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් වවුනියාවේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නිවසක් ඉදිකරයි

2024-10-06

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, 2 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 27 දින 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය යටතේ වව්නියාව, පුරවසම්කුලම්, නිලියාමොටේ ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරන ලදී.
තව කියවන්න

දෙමළ භාෂා පාඨමාලා අංක 01 – 2024 සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පවත්වයි

2024-10-06

9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදව විසින් සංවිධානය කරන ලද අංක 01–2024 දමිළ භාෂා පාඨමාලා සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය 2024 ඔක්තෝම්බර් මස 1 දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි. සිංහපුර කනිෂ්ඨ විද්‍යාලයේ සහ නෙළුම් වැව මහා විද්‍යාලයේ සිසුන් 178 දෙනෙකු සඳහා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංගේ ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහභාගී විය.
තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාය විසින් අන්තර් රෙජිමේන්තු දැල්පන්දු ශූරතාව - 2024 දිනාගනී

2024-10-06

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා දැල්පන්දු කණ්ඩායම 2024 සැප්තැම්බර් මස 28 දින පනාගොඩදී පැවති අන්තර් රෙජිමේන්තු දැල්පන්දු ශූරතාවලිය - 2024 ජයග්‍රහණය කිරීමට සමත් විය.
තව කියවන්න

එක්සත් ජාතීන්ගේ සිවිල් පුද්ගලයන් ආරක්‍ෂා කිරීමේ පාඨමාලා අංක - 02 ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී සාර්ථකව අවසන්

2024-10-05

ගෝලීය සාම මෙහෙයුම් මුලපිරීමේ අයතනය (Global Peace Operations Initiative) විසින් අනුග්‍රහය දක්වන ලද එක්සත් ජාතීන්ගේ සිවිල් පුද්ගලයන් ආරක්‍ෂා කිරීමේ පාඨමාලා අංක 02 ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2024 ඔක්තෝම්බර් මස 04 දින සාර්ථකව අවසන් කරන ලදී.
තව කියවන්න

212 පාබල බලසේනාව විසින් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

2024-10-05

212 පාබල බලසේනාව විසින් 2024 සැප්තැම්බර් මස 30 දින ලෝක ළමා දිනය සැමරීම සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
තව කියවන්න

4 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව සහ පළාත් පාලන ආයතන එක්ව බසවක්කුලම ජලාශයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

2024-10-05

ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, 4 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස්, ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ නගර සභා නිලධාරීන් සමඟ එක්ව, 2024 සැප්තැම්බර් මස 30 දින, අනුරාධපුර, බසවක්කුලම ජලාශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
තව කියවන්න