before 2024

පසුගිය පුවත්

Select Article Types

75 වන යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක්කරමින් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ විශේෂ කිතුනු දේවමෙහෙයක්

2024-10-05

ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහනේ තවත් එක් ආශීර්වාද දේවමෙහෙයක් කොළඹ අග රදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පූජකතුමන්ලා කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස 04 දින සන්ධ්‍යාවේ බොරැල්ල, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි.
තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් නව ජනාධිපතිතුමන් හමුවේ

2024-10-05

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අද දින (ඔක්තෝබර් 04) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අතිගරු 9 වන විධායක ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාවිධායක අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
තව කියවන්න

75 වන යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක්කරමින් කොල්ලුපිටිය ජුම්මා පල්ලියේ විශේෂ ඉස්ලාමීය ආගමික වැඩසටහනක්

2024-10-03

75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන සර්ව ආගමික ආශිර්වාද වැඩසටහන් මාලාවේ තවත් එක් ආශීර්වාද පූජාවක් 2024 ඔක්තෝබර් මස 03 දින උදෑසන කොල්ලුපිටිය, ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි. ඒ සඳහා යුද්ධ හමුදා සේවයේ නියුුතු මුස්ලිම් නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.
තව කියවන්න

11 පාබල සේනාංකයෙන් පාසල් පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

2024-10-03

ලෝක ළමා දිනයට සමගාමීව 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යු කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පිඑස්සී අයිජි ගේ උපදෙස් මත පාසල් පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් එම පාබල සේනාංක මුලස්ථානයේදි 2024 ඔක්තෝබර් මස 01 දින පවත්වන ලදී.
තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් නව ආරක්‍ෂක ලේකම්තුමන් හමුවෙයි

2024-10-03

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, 2024 ඔක්තෝබර් මස 02 දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී නව ආරක්‍ෂක ලේකම් වශයෙන් ධූරයේ රාජකාරි භාරගනු ලැබූ එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී (දෙවරක්) ආර්එස්පී යූඑස්පී එම්එම්එස්සී (Strat අධ්‍යයන - චීනය) එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන) කළමණාකරන එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන සහ Strat අධ්‍යයන) එෆ්එන්ඩීයූ (චීනය) පීඑස්සී හමුවිය.
තව කියවන්න

75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව හින්දු ආගමික ආශිර්වාද ලබාගැනේ

2024-10-02

ඔත්තෝබර් මස 10 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සර දිනයට සමගාමීව හින්දු ආගමික ආශීර්වාද ලබාගැනීමේ ‘ආශිර්වාද’ පූජාව කොළඹ 06, මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිල් පරිශ්‍රයේදී 2024 ඔක්තෝබර් මස 02 දින පැවැත්විණි.
තව කියවන්න

75 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

2024-10-02

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් වත්තල ප්‍රීතිපුර ළමා නිවහනේදී 2024 සැප්තැම්බර් මස 26 දින ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී. එහිදී තේ පැන් සංග්‍රහයක් හා විනෝදාස්වාද වැඩසටහනක් ද සංවිධානය කරන ලදී.
තව කියවන්න

‘13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල’ කඹ ඇදීමේ තරඟාවලියේ ජය යුද්ධ හමුදාවට

2024-10-01

‘13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල’ පූනෑව ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරේදී 2024 සැප්තැම්බර් මස 27 දින පැවති අතර එහිදී පැවති කඹ ඇදීමේ තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම සමත්වූහ.
තව කියවන්න

75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව කතරගම කිරිවෙහෙර පුදබිමේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි

2024-10-01

වර්ෂ 2024 ඔක්තෝබර් මස 10 දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමිව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාව 2024 සැප්තැම්බර් මස 30 දින ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.
තව කියවන්න

16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

2024-09-30

16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් කරප්පකුට්ටි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසේ ඉදිකිරීම් කටයුතු 2024 සැප්තැම්බර් මස 24 දින සාර්ථකව අවසන් කෙරිණි.
තව කියවන්න