පුහුණු

Clear

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් වෙත ‘සයිබර් ආරක්‍ෂාව’ පිළිබඳ දේශනයක්

2023-04-09

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් වෙත සහ එම රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස් වෙනුවෙන් ‘සයිබර් ආරක්‍ෂාව, පරිගණක ආරක්‍ෂාව සහ ලේඛන ආරක්‍ෂාව’ යන මාතෘකාවන් යටතේ දේශනයක් අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පසුගිය බ්‍රහස්පතින්දා (6) දින පවත්වනු ලැබීය.


10 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් යුද්ධ හමුදා විනය පිළිබඳ දැනුවත් කෙරේ

2023-04-09

10 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා ‘හමුදා විනය, මත්ද්‍රව්‍ය භාවිතය සහ සමාජ මාධ්‍ය භාවිත කිරීම’ පිළිබඳ දේශනයක් ඉකුත් සිකුරාදා (මාර්තු 31) දින 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් ඊ ඩබ්ලිව් එච් එස් එරමුදුගොල්ල විසින් පවත්වන ලදී.


24 පාබල සේනාංකය මගින් පැවැත්වූ නිලධාරී පුහුණු දිනය සාර්ථකව අවසන්

2023-04-09

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල චන්ද්‍රසිරි ගේ උපදෙස් සහ මගපෙන්වීම මත 2023 වසරේ පළමු කාර්තුවේ එම සේනාංකයේ නිලධාරීන්ගේ පුහුණු දිනය ඉකුත් සෙනසුරාදා (8) දින අක්කරෙයිපත්තුව 241 පාබල බලසේනා සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීය.


සෙසුනිලයින් වෙනුවෙන් පැවැත්වූ ප්‍රතිත්‍රස්ථ කැලෑ බඳ පුහුණු සටන් පාඨමාලා අංක - 33 සාර්ථකව අවසන්

2023-04-09

ප්‍රතිත්‍රස්ථ කැලෑ බඳ පුහුණු සටන් පාඨමාලා අංක - 33 හදාරනු ලැබූ ශිෂ්‍යයින් සඳහා සහතිකපත් සහ නිල ලාංඡන පැළදවීමේ උත්සවය පසුගිය සෙනසුරාදා (08) දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ දී පැවැත්විය.


රාගම රණවිරු සෙවණේ සාමාජිකයන් වෙත හරවත් දේශන මාලාවක්

2023-04-07

රාගම රණවිරු සෙවණේ නේවාසිකව ප්‍රථිකාර ගනු ලබන රණවිරුවන් සහ කාර්යය මණ්ඩලය ඇතුළු 70 දෙනෙකු වෙනුවෙන් ‘කථනය හා ශ්‍රවණාබාධ’ සහ ‘මානසික සෞඛ්‍ය හා මානසික ආබාධ’ යන මාතෘකාවන් යටතේ හරවත් දේශනයන් දෙකක් මාර්තු මස 15 සහ 29 යන දෙදින තුළදී පැවැත්වීය.


ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මගින් පැවැත්වූ පරිගණක පාඨමාලාව සාර්ථකව අවසන්

2023-04-06

යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් සුගත් රත්නායක ලබාදුන් මාර්ගෝපදේශ යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු භටපිරිස්හි තොරතුරු තාක්‍ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් යාපනය 7 වන රණවිරු තොරතුරු තාක්‍ෂණ පුහුණු ආයතනයේදී පවත්වනු ලැබූ ‘පරිගණක නිපුණතා බලපත්‍ර පාඨමාලාව’ පසුගිය අඟහරුවාදා (04) දින සාර්ථකව අවසන් කරන ලදී.


‘සරඹ උපදේශන සංස්කරණ පාඨමාලාව’ සාර්ථකව අවසන්

2023-04-03

එක්සත් රාජධානියේ ‘School of Ceremonial’ පුහුණු පාසලේ වෘත්තීය සරඹ උපදේශකවරුන් කණ්ඩායමකගේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී මාර්තු මස 20 සිට 30 දින දක්වා පැවති ‘සරඹ උපදේශන සංස්කරණ පාඨමාලාව’ සාර්ථකව අවසන් විය. මෙම පාඨමාලාව සඳහා ත්‍රිවිධ හමුදා සරඹ උපදේශකවරුන් 48 දෙනෙකු සහභාගී වූහ.


‘Potential Subedar Major පාඨමාලා අංක - 154’ රචනා අංශයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට

2023-04-01

ඉන්දියාවේ පැවති ‘Potential Subedar Major පාඨමාලා අංක - 154’ රචනා අංශය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බළලත් නිලධාරී II එන්.ජී.ඩී.සී. නාගහපිටිය එම තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුවේය.


අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ‘නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලා අංක 48’ සාර්ථකව අවසන්

2023-04-01

අම්පාර සටන් පුහුණු පාසලේදී 2023 ජනවාරි මස 30 දින සිට පෙබරවාරි මස 21 දින දක්වා කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් පැවති ‘නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලා අංක 48’ හි සහතිකපත්‍ ප්‍රදානෝත්සවය එම පුහුණු පාසල් සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.පී. මුනිපුර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


‘සුනාමි පෙර සූදානම’ පිළිබඳ පාසල් සිසු සිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

2023-03-28

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ ඒකාබද්ධව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ‘සුනාමි පෙර සූදානම’ මැයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ වැඩමුළුව සාර්ථකව පැවැත්වීම සඳහා 61 වන පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි සහ 61 වන පාබල සේනාංකයේ සාමාජිකයින්ගේ සහයෝගය ලබාදුන්හ.