පුහුණු
17(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරයි

17(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව සහභාගී වූ බලඇණි පුහුණු පාඨමාලාව 2024 සැප්තැම්බර් මස 04 දින ආලංකුලම පාබල බලඇණි පුහුණු පාසලේදී සාර්ථකව අවසන් කරනු ලැබූ අතර, අවසන් දින පැවති උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
මිනිසුන් රහිතව ත්‍රස්ථවාදය වැලැක්වීම සඳහා සොල්දාදුවන් ගොඩ නැගීම සහ පුහුණු කිරීම සබැදි දේශණයක්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර හමුදා සම්බන්ධීකරණ නිලධාරි කර්නල් ජේ.ඒ.එස්.පී. ජයසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් මස 14 දින ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි හිදී ‘‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් මිනිසුන් රහිතව ත්‍රස්ථවාදය වැලැක්වීම සඳහා සොල්දාදුවන් ගොඩ නැගීම සහ පුහුණු කිරීම’’ යන තේමාව ඔස්සේ දේශනයක් පැවැත්විණි.
‘උසස් ගුවන් සංග්‍රාමික බලඇණි පුහුණු පාඨමාලා අංක - 02’ සාර්ථකව අවසන්

12 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සඳහා පවත්වනු ලැබූ ‘උසස් ගුවන් සංග්‍රාමික බලඇණි පුහුණු පාඨමාලා අංක - 02’ හි සමාප්ති උත්සවය 2024 සැප්තැම්බර් මස 15 දින නිකවැව ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේදී සාර්ථකව පැවැත්විණි.
‘මූලික පිහිනුම් පාඨමාලා අංක 21’ සාර්ථකව අවසන්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි පිහිනුම් තටාකයේ දී 2024 අගෝස්තු මස 02 දින සිට සැප්තැම්බර් මස 09 දින දක්වා පැවති ‘මූලික පිහිනුම් පාඨමාලාව අංක - 21’, 2024 සැප්තැම්බර් මස 09 දින සාර්ථකව අවසන් විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක තුමන් NVQ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේ මුලසුන හොබවයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩියූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් තම ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව, පලමු නිළ සංචාරය ලෙස දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.ජේ ජයරත්න කේඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ආරාධනයෙන් සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2024 සැප්තැම්බර් මස 03 වන දින සහභාගී විය.
9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරයි

බලඇණි පුහුණු පාඨමාලාව 2024 හි සිව්වන අදියර 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් 9 දෙනෙකු සහ සෙසු නිලයන් 231 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2024 ජූලි මස 22 දින ආරම්භකර 2024 සැප්තැම්බර් මස 6 දින සාර්ථකව අවසන් කරන ලදී.
යුද්ධ හමුදා මූලස්ථානය මඟින් මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම පිළිබඳ දේශනයක් පවත්වයි

අන්තරායකර මත්ද්‍රව්‍ය, ඒවායේ බලපෑම් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් වැළැක්වීමේ නීතිමය රාමුව පිළිබඳව දැනුවත් කිරීමේ දේශනයක් 2024 අගෝස්තු 29 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මැතිවරණ නිතිය පිළිබඳ දේශනයක් පවත්වයි

මැතිවරණ සම්බන්ධ කරුණු පිළිබඳ අධ්‍යාපනික දේශනයක් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජි.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජි ගේ මඟපෙන්වීම යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී 2024 අගෝස්තු මස 23 දින පවත්වන ලදී.
මොහාන් සමරනායක මහතා, ඉංජිනේරු සේවා බලකායේ Diners’ Club වැඩමුළුවේ ජාත්‍යන්තර ගැටුම් විදහා දක්වයි

ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී Diners' Club වැඩමුළුවක් 2024 ජූලි මස 26 දින පැවැත්විය. මෙම අවස්ථාවට අරාධිත කථිකයෙක් ලෙස මොහාන් සමරනායක මහතා සහභාගී විය.
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ‘අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2024’ සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2024’ හි ත්‍යාග ප්‍රධානෝත්සවය කලත්තෑව, සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේදී 2024 මැයි මස 03 දින පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.කේ.ටී. ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී සහභාගී විය.