රාගම රණවිරු සෙවණේ සාමාජිකයන් වෙත හරවත් දේශන මාලාවක්
7th April 2023
රාගම රණවිරු සෙවණේ නේවාසිකව ප්‍රථිකාර ගනු ලබන රණවිරුවන් සහ කාර්යය මණ්ඩලය ඇතුළු 70 දෙනෙකු වෙනුවෙන් ‘කථනය හා ශ්‍රවණාබාධ’ සහ ‘මානසික සෞඛ්‍ය හා මානසික ආබාධ’ යන මාතෘකාවන් යටතේ හරවත් දේශනයන් දෙකක් මාර්තු මස 15 සහ 29 යන දෙදින තුළදී පැවැත්වීය.
යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශිරෝන් ඒකනායක සහ රාගම රණවිරු සෙවනේ සේනාවිධායක බ්‍රිගේඩියර් භාතිය මදනායක ගේ උපදෙස් මත සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී ‘කථන හා ශ්‍රවණ ආබාධ’ පිළිබඳ දේශනය ලුතිනන් එම්.එච්.එම් සෆීර් විසින් ද ‘මානසික සෞඛ්‍ය සහ මානසික ආබාධ’ පිළිබඳ දේශනය කපිතන් කේ.පී.කේ ඇන්තනි විසින් ද පැවැත්වූහ.