10 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් යුද්ධ හමුදා විනය පිළිබඳ දැනුවත් කෙරේ

9th April 2023

10 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා ‘හමුදා විනය, මත්ද්‍රව්‍ය භාවිතය සහ සමාජ මාධ්‍ය භාවිත කිරීම’ පිළිබඳ දේශනයක් ඉකුත් සිකුරාදා (මාර්තු 31) දින 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් ඊ ඩබ්ලිව් එච් එස් එරමුදුගොල්ල විසින් පවත්වන ලදී.

දේශනය අවසානයේදී 10 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් අයි ජී ආර් ධම්මික විසින් එදින දේශණය පැවැත්වූ මේජර් ඊ ඩබ්ලිව් එච් එස් එරමුදුගොල්ලි වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.